Waste Managment Authority(W.P.)

අපගේ පස් අවුරුදු සැලසුම්

අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ඉදිරි පස් අවුරුදු කාලසීමාව සඳහා සැලසුම් හා ඉලක්කයන් මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඒ අනුව අපද්‍රව්‍ය කළමනාකරණයේ ඉදිරි වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ලැබේ. ඉදිරි 2014 - 2018 පස් අවුරුදු සැලසුමට අනුව 2018 වන විට කසල එකතු කිරීම 63% සිට 80‍% දක්වාත්, කසල වෙන්කිරීම 18‍% සිට 40‍% දක්වාත් වැඩි දියුණු කිරීමට අධිකාරිය සැලසුම් කර ඇත. තවද, 2018 වන විට ජනනය වන දිරන අපද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් සැදීම 6‍% සිට 11‍% දක්වා වැඩි දියුණු කිරීමටද, කසල ප‍්‍රතිචක‍්‍රීකරණය 6‍% සිට 9‍% දක්වා වැඩි දියුණු කිරීමටද, 2018 වන විට අවම වශයෙන් නාගරික ඝන අපද්‍රව්‍යවලින් මෙ.ටොන් 1600 ක් විදුලි ජනනය සඳහා යොදා ගැනීමට ද සැලසුම් කර ඇත. ඒ අනුව 2018 වන විට දැනට පළාත් පාලන ආයතන මගින් සිදුවන විවෘත බැහැරලීම 87‍% සිට 20‍% දක්වා අඩුකර ගැනීමට සැලසුම් කර ඇත. ඉදිරි පස් අවුරුදු වැඩසටහනට අදාල ඉලක්කය පහත ප‍්‍රස්ථාර අංක 3 මගින් විස්තරාත්මකව පෙන්වා දී ඇත.

අපද්‍රව්‍ය එකතු කිරීම හා වෙන් කිරීම සම්බන්ධයෙන් වන ඉලක්ක


අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණයට අදාල ඉලක්කයන් 2012 - 2018

Waste Managment Authority(W.P.)

ලිපිනය

  • “ශ්‍රාවස්ති මන්දිරය“, නො. 32,
    ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඔ 07.
  • විද්‍යුත් තැපෑල : info@wmawp.lk
  • වෙබ් අඩවිය: www.wmawp.lk
  • දුරකතන: +94 11 2681433
  • ෆැක්ස්: +94 11 2695305

අපගේ නිෂ්පාදන


අපගේ යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා

අපගේ මුහුණු පොත


නැරඹූ වාර ගනන - 4967