Waste Managment Authority(W.P.)

පරිසර මිතුරෝ

"පරිසර මිතුරෝ ව්‍යාපෘතිය......
 
අපද්‍රව්‍ය කළමනාකරණයේ  යම් හෝ ජයග්‍රහනයක් යම් පළාත් පාලන ආයතනයක් ලගා වී ඇත්තේ නම්, ඒ සදහා මහගු කාර්යභාරයක් අදාල පළාත් පාලන ආයතනයේ සනීපාරක්ෂක සේවක මහතුන් විසින් ඉටුකොට ඇත. එබැවින් ඔවුන්ගේ සේවාව ඇගයීමට ලක්කිරීම අත්‍යවශ්‍ය වනු ඇත. මේ අවශ්‍යතාවය තේරුම්ගත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය '' පරිසර මිතුරෝ "  නමින් ව්‍යාපෘතියක් දියත් කරන ලදි. මෙම ව්‍යාපෘතිය හරහා සනීපාරක්ෂක සේවක මහතුන්හට අපද්‍රව්‍ය කළමනාකරණයේ උපදෙස් ලබාදීමටත්, සෞඛ්‍ය පිළිබදව දැනුවත් කිරීමත්,සෞඛ්‍ය සායන හරහා ඔවුන්ගේ සෞඛ්‍ය පරික්ෂා කිරීමත්, අදාල ප්‍රතිකාර ලබාදීම හා තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය අනෙකුත් සායනයන් සදහා ද යොමු කිරීමත් සිදු කරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා අදාල පළාත භාරව කටයුතු කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහතාගෙන්ද ප්‍රසංසනීය සේවාවක් ලැබේ. මෙම වැඩසටහන තවත් අර්ථවත් කිරීම සදහා වැඩසටහන පවත්වන දින පෝෂ්‍යදායී ආහාර වේලක් හා සියලු සේවක මහතුන් සසදහා හිස් වැසුම් හා වටිනා ටී ෂර්ට් ද ලබා දීම සදහා කටයුතු සංවිධානය කොට ඇත. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා පළාත් පාලන ආයතන වලින් ලැබෙන සහයෝගය ඉතා ප්‍රසංසනීය වන අතර, බොහෝමයක් ආයතන මෙදින තම සනීපාරක්ෂක සේවක මහතුන්ට තෑගි බෝග පිරිනැමීමටද කටයුතු කොට තිබීමද ප්‍රසංසනීයය. 

වැඩි විස්තර සඳහා විමසන්න.
චාන්දනී කහදුව මහත්මිය (කළාප කළමනාකාරිණී - ගම්පහ).
දුරකතන අංක : +94 112681433



අපගේ අත් පත්‍රිකා

 
Waste Managment Authority(W.P.)

ලිපිනය

  • “ශ්‍රාවස්ති මන්දිරය“, නො. 32,
    ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඔ 07.
  • විද්‍යුත් තැපෑල : info@wmawp.lk
  • වෙබ් අඩවිය: www.wmawp.lk
  • දුරකතන: +94 11 2681433
  • ෆැක්ස්: +94 11 2695305

අපගේ නිෂ්පාදන


අපගේ යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා

අපගේ මුහුණු පොත


නැරඹූ වාර ගනන - 6090