Waste Managment Authority(W.P.)

පරිසර කැකුළු

පරිසරයට හිතැති දැහැමි පරපුරක් බිහිකිරීම සඳහා...

රටක ජන ප්‍රජාවගේ හැසිරීම් හා ක්‍රියා කලාපයන් හේතුවෙන් ජනනයවන අපද්‍රව්‍ය අද අප මූලික ම මුහුණ දෙන ගැටළුවකි. මෙම ජනනයවන අපද්‍රව්‍ය අප නිවෙස් තුල දීම වෙන් වෙන් කර අපද්‍රව්‍ය කළමනාකරණය කරන්නේ කීයෙන් කී දෙනෙකු ද? මෙම සෝචනීය තත්වයට හේතුව, මේ විනයෙහි පුහුණුවක් හෝ හුරුවක් නොමැති කමයි.

මෙය මනා ලෙස අවබෝධ කරගත් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මතු පරපුර  අපද්‍රව්‍ය කළමනාකරණ විනයෙහි පිහිටුවීමේ සත්කාරය ආරම්භ කර ඇත. “පරිසර කැකුළු“ මෙම විනය කුඩා දරුවන්ට ගෝචර කිරීමේ එක් පියවරකි.

වැඩිහිටියන් වූ අප මින් ලබා ගන්නා අවබෝධය, විනයෙහි පිහිටුවා, කුඩා දරුවන් ද අපද්‍රව්‍ය කළමනාකරණ විනයෙහි පිහිට වමු. පරිසරයේ ආශ්වාදය ඔබ ද අත් විඳින්න. එය මතු පරපුරට ද එලෙසම දායක කරන්න.
Waste Managment Authority(W.P.)

ලිපිනය

  • “ශ්‍රාවස්ති මන්දිරය“, නො. 32,
    ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඔ 07.
  • විද්‍යුත් තැපෑල : info@wmawp.lk
  • වෙබ් අඩවිය: www.wmawp.lk
  • දුරකතන: +94 11 2681433
  • ෆැක්ස්: +94 11 2695305

අපගේ නිෂ්පාදන


අපගේ යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා

අපගේ මුහුණු පොත


නැරඹූ වාර ගනන - 6090