Waste Managment Authority(W.P.)

“මිහිසරු“ කොම්පොස්ට්

මිහිකත සරුකර - අතමිට සරුකරවයි

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ පුර්ණ අධික්ෂණය හා කළමනාකරණය තුලින් විද්‍යානූකුලව පිළියෙල කර ඔබ අතය පත්වන මිහිසරු කොම්පෝස්ට්, ඔබේ වගාවට අත්‍යවශ්‍ය නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම්, මැග්නීසියම් හා කැල්සියම් මෙන්ම අංශුමාත්‍ර මූලද්‍රව්‍ය වලින්ද සපිරි නිසා දිගු කාලයක් පුරා ඔබේ අස්වැන්න ඉහල නංවයි.

 

ඔබට ලැබෙන වාසි!

  • පාංශු ව්‍යුහය ප්‍රවර්ධනය තුලින් ශාකයේ මූල පද්ධතිය වර්ධනය වීමට හිතකර පරිසරයක් ගොඩනංවයි.
  • ශක්තිමත් මූල පද්ධතියක් වර්ධනය වීමෙන්, නිරෝගිමත් ශක්තිමත් වගාවක් සහතික කරයි.
  • ස්ථායිකෘත කාබනික ද්‍රව්‍ය පැවැත්මෙන් පසෙහි ph අගය සමතුලිතව පවත්වාගැනීමට අවශ්‍ය පරිසරයක් ගොඩ නංවයි.
  • ලෙඩ රෝගවලට ඔරොත්තු දී මේ ගුණය වැඩිකරයි.
  • පසෙහි පාංශු වාතය ගබඩා කර මූල පද්ධතියේ ක්‍රියාවලිය සඳහා යොමු කරවයි.
  • අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ලබා දී ශාක නිරෝගීමත් කරවයි.
  • අස්වැන්නේ ගුණාත්මක භාවය වැඩි කරවයි.
  • පෝෂක ද්‍රව්‍ය සේදීයාම වලකන අතර ශාක වලට අවශ්‍ය පරිදි නිදහස් කරයි.
  • හිතකර පාංශු බැක්ටීරියාවන්ට යෝග්‍ය පරිසරයක් නිර්මාණය කරයි.
  • මුල්වලට වැළදෙන රෝග අවම කරවයි. (දිලීර හා පණු ආසාදන)
  • ධන පොෂක සංයෝග හා මුලද්‍රව්‍ය රඳවා ගනිමින් සැමවිටම පෝෂක ද්‍රව්‍ය ශාකයකට උරාගත හැකි අයුරින් පවත්වා ගනී. (කැටායන හුවමාරු ධාරිතාව වැඩි නිසා)
 

මිහිසර කොම්පෝස්ට් පොහොර සුවිශේෂී වන්නේ ඇයි?

  • රාජ්‍ය අනුග්‍රහය යටතේ ඔබ අතට පත්වන නිසා.
  • විද්‍යානූකූල ක්‍රමවේදයන්ට අනුව පරික්ෂාකාරීව නිෂ්පාදනය කෙරෙන නිසා.
  • නිශ්පාදන කටයුතු විනිවිද භවයෙන්  කරනු ලබන නිසා.
  • නියමිත ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කරනු ලබන නිසා.
  • සාධාරණ මිලක් ඇති නිසා.
  • අවශ්‍ය සියළු උපදෙස් නොමිලයේ ලබාගත හැකි නිසා.
 

මිහිසරු කොම්පෝස්ට් පොහොර පිළිබඳ විමසීම්


වර්ගය  අවශ්‍ය කරන ප්‍රමාණය
තේ   600 – 800 kg (අක්කරයකට)
වී  500kg රසායනික පොහොර සමඟ මිශ්‍රකර යෙදන්න (වරකට අක්කරයකට)
කෙසෙල්  4 – 5kg (ගසක් සඳහා)
ධාන්‍ය 800 – 1000kg (අක්කරයකට)
එළවළු මෙ. ටොන් 1 – 2 (අක්කරයකට)
පලතරු මෙ. ටොන් 1 (අක්කරයකට)



  
 
 


 
 
* රසායනික පොහොර සමඟ මිශ්‍රකර යෙදීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැක.

කාබනික පොහොර යොදා, වස විස නැති වගාවක් තුලින් නිරෝගිමත් ජාතියක් බිහිකිරීමට ඔබත් දායක වන්න.

Waste Managment Authority(W.P.)

ලිපිනය

  • “ශ්‍රාවස්ති මන්දිරය“, නො. 32,
    ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඔ 07.
  • විද්‍යුත් තැපෑල : info@wmawp.lk
  • වෙබ් අඩවිය: www.wmawp.lk
  • දුරකතන: +94 11 2681433
  • ෆැක්ස්: +94 11 2695305

අපගේ නිෂ්පාදන


අපගේ යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා

අපගේ මුහුණු පොත


නැරඹූ වාර ගනන - 6090