Waste Managment Authority(W.P.)

කරදියාන

අක්කර 25 ක පමණ භූමි භාගයක විසිර පවත්නා කරදියාන විවෘත කසළ රඳවනය දකුණු ආසියාවේ විශාලතම කසළ අංගනයයි. බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරන අධිකාරියේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙය පාලිත කසල අංගනයක් බවට පත් කර මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන අතර, අංගනය වෙත දිනකට කසළ මෙ. ටො. 500-600ක් අතර ප‍්‍රමාණයක් බැහැර කිරීම සිදුවේ. මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය තුළ සේවකයින් විශාල පිරිසක් දෛනිකව රාජකාරියෙහි නිරතව සිටිති. නාගරික අලංකාරය රැකගැනීමටත්, ජනණය වන කසළ ප‍්‍රමාණයට විසඳුමක් ලෙසත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

දෙහිවල මහනඟර සභාව, මොරටුව මහ නඟර සභාව, කැස්බෑව ප‍්‍රදේශිය සභාව, බොරලැස්ගමුව ප‍්‍රාදේශිය සභාව ඇතුළු පළාත් පාලන ආයතන හතක අපද්‍රව්‍ය මෙම භූමි භාගයට ගෙන එනු ලබයි. කරදියාන ව්‍යාපෘතිය බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය යටතට පත් වීමට පෙර පෞද්ගලිකව පවත්වාගෙන යනු ලැබූ කසළ බැහැර කිරීමේ ස්ථානයකි. මෙහි තිබූ  අවිධිමත් භාවය නිසා පාරිසරික ගැටළු රැසක් මතුවී තිබුණි. එකී තත්ත්වය මගහරවා විධිමත් කසළ බැහැර කිරීමේ ස්ථානයක් බවට මෙම ස්ථානය පත්කිරීම බස්නාහිර පළාත් අපද්‍රව්‍ය  කළමනාකරණ අධිකාරියට පැවරුනු අභියෝගාත්මක කාර්යයක් විය. එය සාර්ථකව ජය ගැනීමට හැකි වූයේ මනා කළමනාකරණයකින් යුක්තව තාක්‍ෂණික ක‍්‍රමවේදයන් භාවිතා කරමින් එකී කාර්යයට යොමුවීම නිසාවෙනි. මෙහිදී ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරිය, ප‍්‍රජා සංවිධාන, ප‍්‍රදේශයේ ජනතා සහය ලබාගැනීමට ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරණ අපද්‍රව්‍ය කළමනාකරණ අධිරිය කටයුතු කරනු ලබයි. මේසඳහා පාරිසරික හා ප‍්‍රජා සම්බන්ධීකරණ ඒකකයක් මේවන විටත් ස්ථාපනය කර ඇති අතර, එමගින් හඳුනාගත් කළාපය තුළ පාරිසරික හා සෞඛ්‍ය කළමනාකරණ කටයුතු අඛණ්ඩව සිදුකරනු ලබයි. උක්ත කළාපය ව්‍යාපෘතියේ සිට මීටර් 500ක වපසරියක් තුළ පවුල් 450ක් පමණ ජීවත් වන අතර, මෙම ජනතාව පිළිබඳවත්, ප‍්‍රදේශයේ ජලාශ හා පරිසරය ආරක්‍ෂා කරගනිමින් ව්‍යාපෘතිය වඩාත් විධිමත් ලෙස පවත්වාගෙන යාම කෙරෙහි අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ නිරන්තර අවධානය යොමුවී තිබේ.

කරදියාන කසළ අංගනය හුදු කසළ රඳවන  ස්ථානයක් ලෙසම දිර්ඝකාලීනව පවත්වාගෙන යා නොහැකිය. මෙම ස්ථානයේ ඇති කසළ අවසන් බැහැර කිරීමකට යොමු කළ යුතුය. ඒ සඳහා මහා පරිමාන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළ යුතුව ඇත. ලෝකයේ බොහෝ රටවල මෙවැනි මහා පරිමාණ කසළ අංගන තුළ ක‍්‍රියාත්මක වන විදුලි උත්පාදන, ඉන්ධන නිෂ්පාදන වැනි ව්‍යාපෘතියක් මෙහිද ක‍්‍රියාත්මක වීම අනිවාර්යය වේ. මේ වන විට මේ සඳහා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සාකච්ඡා පවත්වමින් සිටි.

කරදියාන ව්‍යාපෘතිය තුළ මහා පරිමාණ කොම්පෝස්ට් ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර තිබේ. මෙමගින් දිරන අපද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් කොම්පෝස්ට් බවට පත් කිරීමට හැකිවනු ඇත. දිනපතා ජනනයවන අපද්‍රව්‍ය පරිසර හිතකාමි ලෙසත්, ප‍්‍රයෝජනවත් ලෙසත්, කසළ සම්පතක් ලෙසත් යොදා ගනිමින් අවසන් බැහැර කිරීමක් සඳහා යොමු කිරීමට මෙමගින් හැකිවනු ඇත.අක්කර 25 ක පමණ භූමි භාගයක විසිර පවත්නා කරදියාන විවෘත කසළ රඳවනය දකුණු ආසියාවේ විශාලතම කසළ අංගනයයි. බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරන අධිකාරියේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙය පාලිත කසල අංගනයක් බවට පත් කර මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන අතර, අංගනය වෙත දිනකට කසළ මෙ. ටො. 500-600ක් අතර ප‍්‍රමාණයක් බැහැර කිරීම සිදුවේ. මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය තුළ සේවකයින් විශාල පිරිසක් දෛනිකව රාජකාරියෙහි නිරතව සිටිති. නාගරික අලංකාරය රැකගැනීමටත්, ජනණය වන කසළ ප‍්‍රමාණයට විසඳුමක් ලෙසත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.


දෙහිවල මහනඟර සභාව, මොරටුව මහ නඟර සභාව, කැස්බෑව ප‍්‍රදේශිය සභාව, බොරලැස්ගමුව ප‍්‍රාදේශිය සභාව ඇතුළු පළාත් පාලන ආයතන හතක අපද්‍රව්‍ය මෙම භූමි භාගයට ගෙන එනු ලබයි. කරදියාන ව්‍යාපෘතිය බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය යටතට පත් වීමට පෙර පෞද්ගලිකව පවත්වාගෙන යනු ලැබූ කසළ බැහැර කිරීමේ ස්ථානයකි. මෙහි තිබූ  අවිධිමත් භාවය නිසා පාරිසරික ගැටළු රැසක් මතුවී තිබුණි. එකී තත්ත්වය මගහරවා විධිමත් කසළ බැහැර කිරීමේ ස්ථානයක් බවට මෙම ස්ථානය පත්කිරීම බස්නාහිර පළාත් අපද්‍රව්‍ය  කළමනාකරණ අධිකාරියට පැවරුනු අභියෝගාත්මක කාර්යයක් විය. එය සාර්ථකව ජය ගැනීමට හැකි වූයේ මනා කළමනාකරණයකින් යුක්තව තාක්‍ෂණික ක‍්‍රමවේදයන් භාවිතා 
කරමින් එකී කාර්යයට යොමුවීම නිසාවෙනි. මෙහිදී ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරිය, ප‍්‍රජා සංවිධාන, ප‍්‍රදේශයේ ජනතා සහය ලබාගැනීමට ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරණ අපද්‍රව්‍ය කළමනාකරණ අධිරිය කටයුතු කරනු ලබයි. මේසඳහා පාරිසරික හා ප‍්‍රජා සම්බන්ධීකරණ ඒකකයක් මේවන විටත් ස්ථාපනය කර ඇති අතර, එමගින් හඳුනාගත් කළාපය තුළ පාරිසරික හා සෞඛ්‍ය කළමනාකරණ කටයුතු අඛණ්ඩව සිදුකරනු ලබයි. උක්ත කළාපය ව්‍යාපෘතියේ සිට මීටර් 500ක වපසරියක් තුළ පවුල් 450ක් පමණ ජීවත් වන අතර, මෙම ජනතාව පිළිබඳවත්, ප‍්‍රදේශයේ ජලාශ හා පරිසරය ආරක්‍ෂා කරගනිමින් ව්‍යාපෘතිය වඩාත් විධිමත් ලෙස පවත්වාගෙන යාම කෙරෙහි අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ නිරන්තර අවධානය යොමුවී තිබේ.

කරදියාන කසළ අංගනය හුදු කසළ රඳවන  ස්ථානයක් ලෙසම දිර්ඝකාලීනව පවත්වාගෙන යා නොහැකිය. මෙම ස්ථානයේ ඇති කසළ අවසන් බැහැර කිරීමකට යොමු කළ යුතුය. ඒ සඳහා මහා පරිමාන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළ යුතුව ඇත. ලෝකයේ බොහෝ රටවල මෙවැනි මහා පරිමාණ කසළ අංගන තුළ ක‍්‍රියාත්මක වන විදුලි උත්පාදන, ඉන්ධන නිෂ්පාදන වැනි ව්‍යාපෘතියක් මෙහිද ක‍්‍රියාත්මක වීම අනිවාර්යය වේ. මේ වන විට මේ සඳහා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සාකච්ඡා පවත්වමින් සිටි.

කරදියාන ව්‍යාපෘතිය තුළ මහා පරිමාණ කොම්පෝස්ට් ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර තිබේ. මෙමගින් දිරන අපද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් කොම්පෝස්ට් බවට පත් කිරීමට හැකිවනු ඇත. දිනපතා ජනනයවන අපද්‍රව්‍ය පරිසර හිතකාමි ලෙසත්, ප‍්‍රයෝජනවත් ලෙසත්, කසළ සම්පතක් ලෙසත් යොදා ගනිමින් අවසන් බැහැර කිරීමක් සඳහා යොමු කිරීමට මෙමගින් හැකිවනු ඇත.
 
Waste Managment Authority(W.P.)

ලිපිනය

  • “ශ්‍රාවස්ති මන්දිරය“, නො. 32,
    ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඔ 07.
  • විද්‍යුත් තැපෑල : info@wmawp.lk
  • වෙබ් අඩවිය: www.wmawp.lk
  • දුරකතන: +94 11 2681433
  • ෆැක්ස්: +94 11 2695305

අපගේ නිෂ්පාදන


අපගේ යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා

අපගේ මුහුණු පොත


නැරඹූ වාර ගනන - 4967