Waste Managment Authority(W.P.)

පරිමා පාදක මලු

පරිමා පාදක මලු ක්‍රමවේදය හදුන්වාදීම.

ශ්‍රී ලංකාවේදී ප්‍රථම වතාවට මිශ්‍ර නාගරික ඝණ අපද්‍රව්‍ය සදහා පෙර ගෙවුම් ක්‍රමයක් ලෙස පරිමාපාදක මලු ක්‍රමවේදය හදුන්වාදීම පසුගියදා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් බොරලැස්ගමුවේ දී සිදුවිය.

අපද්‍රව්‍ය බැහැර කිරීමේදී එකී අපද්‍රව්‍ය වෙන් කිරීම සිදුකල යුතු අතර එසේ කිරීමට අපොහොසත්වන අවස්ථාවලදී මිශ්‍ර අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීම සදහා මෙකී පරිමා පාදක මලු භාවිත කල යුතුවේ. මෙහිදී පරිමාපාදක මලු කලින් මිලදී ගතයුතු අතර ඒ සදහා අදාල පළාත් පාලන ආයතන විසින් අලෙවි නියෝජිතයන් පත් කරනු ලැබේ. පරිමා පාදක මලු ප්‍රමාණ කිහිපයකින් පාරිභොගිකයින් හට මිලදී ගැනීමේ හැකියාව ඇත. ව්‍යාපෘති ආරම්භයේදී ලීටර් 20 ප්‍රමාණයේ පරිමා පාදක මලු නිකුත් කිරීම සිදු විය. මේ යටතේ බොරලැස්ගමුව නගර සභා බල සීමාවේ එගොඩවත්ත හා පරෝපාකාර මාවත යන ප්‍රදේශයන්හී නිවාස 1000ක් සම්බන්ධ කරගනිමින් පරීක්ෂණ අදියර ක්‍රියාත්මක කිරීම ඇරඹීය.
මෙම අවස්ථාවට පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රිවරුන්, අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපතිණි රුවිණි ධර්මසිරි මෙනවිය, අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම, කොයිකා නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Waste Managment Authority(W.P.)

ලිපිනය

  • “ශ්‍රාවස්ති මන්දිරය“, නො. 32,
    ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඔ 07.
  • විද්‍යුත් තැපෑල : info@wmawp.lk
  • වෙබ් අඩවිය: www.wmawp.lk
  • දුරකතන: +94 11 2681433
  • ෆැක්ස්: +94 11 2695305

අපගේ නිෂ්පාදන


අපගේ යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා

අපගේ මුහුණු පොත


නැරඹූ වාර ගනන - 6090