Waste Managment Authority(W.P.)

අධිකාරිය පිළිබඳව

වර්ෂ 1987 දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ශ්‍රී ලංකාවේ පළාත් පිහිටුවනු ලැබිණ. ඒ අනුව පළාත් පාලන විෂය පළාත් සභා විෂයයක් බවට පත් විය. පළාත් පාලන ආයතනවල අනපනත් වලට අනුව අපද්‍රව්‍ය කළමනාකරණය පළාත් පාලන ආයතනවල මූලික වගකීමක් බවට පත් වී ඇත. උක්ත කරණ ඉටුකරනු වස්, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පිහිටු වීමේ තීරණයට එළඹි අතර, ඒ හරහා පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම, ක්‍රමවත් කිරීම හා සම්බන්ධීකරණය සඳහා නෛතික මෙන්ම අධිකාරිමය බලයක් අධිකාරියට පැවරුණි.

ඒ අනුව, බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණයේ යාන්ත්‍රණය වශයෙන් පළාත් අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරිය 1999 අංක 09 දරණ පළාත් අපද්‍රව්‍ය කළමණාකරන ප්‍රඥාප්තිය අනුව 2004 වසරේ දී සංස්ථාපනය කරන ලදුව, මේ වන විට 2007 අංක 01 දරණ සංශෝධිත ප්‍රඥාප්තිය යටතේ පවත්වාගෙන යනු ලැබේ.

අධිකාරිය 2004 ජනවාරි මස 01 වන දින අධිකරණයක් ලෙස සිය කටයුතු ආරම්භ කරන ලදී. එහිදී අධිකරණයේ සභාපති ලෙස නිල බලයෙන් ප්‍රධාන අමාත්‍ය ලේකම් පත් වූ අතර, අධිකාරියේ කටයුතු පුළුල් වත්ම 2007 වසරේ සිට පුර්ණකාලීන සභාපතිවරයෙකු යටතේ අධිකාරියේ කටයුතු පාලනය විය.

පාලක මණ්ඩලයක් මඟින් පාලනය වන අධිකාරිය, 2007 අංක 01 දරණ ප්‍රඥප්තිය අනුව සාමාජිකයින් 12 දෙනකුගෙන් සමන්විත වන අතර, එය අධිකාරියේ සභාපතිද, නිල බලයෙන් පත්වන සාමාජිකයින් 04 දෙනකුගෙන් ද, අමාත්‍යවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයින් 07 දෙනකුගෙන් ද සමන්විත වේ.

හදුනාගත් පළාතේ ක්‍රමවේදයන්ට අනුව අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතනවලට මුල්‍යමය දායකත්වය සපයන ආයතනයක් වශයෙන් අධිකාරිය කටයුතු කරන අතර, එමඟින් අපද්‍රව්‍ය කළමනාකරණ විනය සමාජගත කිරීමත් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් පළාත් පාලන මටිටමින් හා පළාත් මට්ටමින් අපද්‍රව්‍ය කළමනාකරණ හැකියාව ප්‍රවර්ධනය අධිකාරියේ මූලික පරමාර්ථය වේ.


ව්‍යවස්ථාව භාගත කරගැනීම සදහා :http://www.wmawp.lk/sn/admin/userfiles/files/statute%20new.pdf
 
 
                                            
Waste Managment Authority(W.P.)

ලිපිනය

  • “ශ්‍රාවස්ති මන්දිරය“, නො. 32,
    ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඔ 07.
  • විද්‍යුත් තැපෑල : info@wmawp.lk
  • වෙබ් අඩවිය: www.wmawp.lk
  • දුරකතන: +94 11 2681433
  • ෆැක්ස්: +94 11 2695305

අපගේ නිෂ්පාදන


අපගේ යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා

අපගේ මුහුණු පොත


නැරඹූ වාර ගනන - 6090